මෙම ඇප් එක භාවිතා කරන ආකාරය පියවරෙන් පියවර මෙන්න:
පියවර 01: Template එකක් තෝරා ගැනීම (Choose a Template)
ඔබට 'Birthday Shoot', 'Wedding Shoot' වැනි කලින් සකස් කළ පැකේජ වර්ගයක් තෝරාගත හැක. නැතහොත් 'Custom Package' තෝරා මුල සිටම ඔබේ පැකේජය නිර්මාණය කළ හැක.
පියවර 02: උපකරණ එකතු කිරීම (Equipment Selection)
ඔබ භාවිතා කරන කැමරා (Camera Body), ලෙන්ස් (Lenses), ලයිට් (Lighting) සහ අනෙකුත් උපකරණ තෝරාගන්න. මෙහිදී එක් එක් උපකරණයේ වටිනාකම අනුව ස්වයංක්‍රීයව පිරිවැය ගණනය වේ.
පියවර 03: ශිල්පියාගේ ගාස්තුව (Photographer Cost)
ඔබ වැඩ කරන පැය ගණන (Event Hours) සහ පැයකට ඔබ අය කරන මුදල (Hourly Rate) ඇතුළත් කරන්න.
පියවර 04: ලාභාංශ එකතු කිරීම (Profit Margin)
ඔබේ නඩත්තු වියදම් සහ ශුද්ධ ලාභය සඳහා අවශ්‍ය ප්‍රතිශතය (%) මෙහි ඇතුළත් කරන්න.
පියවර 05: අවසාන මිල සහ වාර්තාව (Final Price & Download)
සියලු විස්තර ඇතුළත් කළ පසු ඇප් එක මගින් අවසාන මිල පෙන්වනු ඇත. ඔබට මෙම සම්පූර්ණ විස්තරය (Price Breakdown) PDF එකක් ලෙස ඩවුන්ලෝඩ් කර පාරිභෝගිකයාට ලබා දිය හැක.